අධ්‍යාත්මික සුවය සෙව් පිරිසකගෙන් 02ක් මරුට: තවත් පිරිසක් රෝගීව රෝහලට

සැප් 08, 2019

    අධ්‍යාත්මික බලයක් ඇති බවට ප්‍රකාශ කරමින් ලෙස රෝග සුව කිරීමේ අරමුණින් සංවිධාන කෙරුණු වැඩසටහනදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

    තවත් 18 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරිණ. මෙම අධ්‍යාත්මික වැඩසටහන හොරොව්පොතාන ප්‍රදේශයේදී ඊයේදි පැවැත්විණ. පස්වරු 2.00ට පමණ එය ආරම්භ කරනු ලැබීය.

    දිවයිනේ නන් දෙසින් විශාල පිරිසක් ඊට එක්වූ බව අප වාර්තාකරු පවසයි. අසාධ්‍ය තත්වයේ පසුවූ දෙදෙනෙකු එම ස්ථානයේ දී මියගොස් තිබේ. කළුතර පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් හා ගාල්ල වඳුරඹ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙක් සිද්ධියෙන් මියගොස් ඇත.

    හොරොව්පතාන රෝහලට ඇතුළත් කළ රෝගීන් 18 දෙනාගෙන් 14 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කෙරිණ. මෙවැනි ව්‍යාජ ඇදහිලි කෙරෙහි ජනතාව විමසිලිමත් විය යුතු බව පොලිසිය පවසයි.

    Latest News