අගමැති අනුරාධපුර ජයන්ති මහා විහාරාධිපති හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගනී

ජූනි 21, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ජයන්ති මහා විහාරාධිපති උතුරු හා උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ජයන්ති මහා විහාරාස්ථානය වෙත පැමිණියේ ඊයේ පස්වරුවේ. විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් අග්‍රාමාත්‍යවරයා වෙත ආශිර්වාද කිරීමෙන් පසු මෙලෙස අදහස් පළ කළා.

    "ඔබතුමා පනස් අවුරුද්දක් මේ රටේ ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සිදු කළා. මම හිතන්නේ නෑ, ඒ තරම් සේවයක් සිදු කළ නායකයෙක් මේ රටේ වෙන බිහි වුණා කියලා. නින්දා,අපහාස,බැනුම්,ගැරහුම්, ජය - පරාජය මේ සෑම දෙයකටම නොසැලී සිටියා කියන්නේ, ඒ තමයි ශ්‍රේෂ්ඨත්වය. අද ඉතින් ඒ පරිසරය හැදිලා. අද ඔබගේ සහෝදරයා මේ රටේ ජනාධිපති වෙලා සිටිනවා. ඔබතුමන්ලාගේ පියා සහ මවත් මෙ වෙලාවේ සිහි කළ යුතුයි. පුතාලා දෙන්නෙක් ජනාධිපතිලා කරන්න තරම් ඒ ලේ කිරි ශක්තිමත් කියන්නේ, මොන තරම් දෙයක්ද. මේ රටේ ජනතාව කවදාහරි දවසක පහන් තියයි මහින්ද රාජපක්ෂ නාමයට. මේ ඉතිහාසය උගන්නන්න ඕන. පසුගිය ආණ්ඩුව සිදු කළ ලොකුම දේ තමයි ඉතිහාසය නැති කරපු එක. අපි දැන් කතා කරන්නෙත් කෙහේවත් නැති ඉතිහාසයක්. ඇයි අපි අනෙක් අය කියපු වගන්ති ගැන කතා කරන්නේ. අපේ මිනිස්සු කියපු දේවල්වලින් වගන්ති කියන්න පුළුවන්. අපේ රටේ වීරයෝ නෙමෙයිද ඒ.


    මහණ කරන එකටත් ප්‍රශ්න කළා. දළදා මාලිගාවේ ඇතා කරඩුව වඩම්මන එකටත් ප්‍රශ්නයක් දැම්මා. හක්කපටස් දැම්මට ඒක ගැටලුවක් නැහැ. සාම්ප්‍රදායික ඉතිහාසයක් තිබෙන රටක් මේක. මේ මව්බිම බේරගන්න මොනතරම් වීරියක් දැම්මද. මේ ආත්මයට පමණක් නොවෙයි, මේ සෙල්මුවා පිළිම, මහා දාගැබ් හදල තියෙන්නෙත් ගිය ආත්මේ අපි. මේ ආත්මයෙන් අපි ඒව හදනවා. ඔබතුමා පනස් වසරක් මේ රටේ ජනතාවගේ දුක් කඳුලු පිහිදුවා. මේ අයියලා, මල්ලිලා එකතු නොවුණා නම්, ඒ දේ කරන්න පුළුවන්ද, මේ රටේ බිහිවුණ වීරෝදාර රජවරු ඔබතුමන්ලා.."

    Latest News