අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුතාව ගැන පොලීසිය හෙළි කරයි

මාර් 22, 2020

    අනුරාධපුර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබේ. 

    පොලීසිය පවසන්නේ, තුවාල ලැබූ 6 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.  අනුරාධපුර බන්ධනාගාරයේ ඊයේ සවස් කාලයේ දී කිසියම් නොසන්සුන්කාරී තත්වයක් හට ගැනිණ.  කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ගත් පියවරක් ලෙස රැඳවියන් බැලීමට ඥාතීන්ට පැමිණීමට අවසර නොදීම හේතුවෙන් රැඳවියන් විසින් රාජ්‍ය දේපළ විනාශ කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබේ. 

    බන්ධනාගාර නිලධාරීන් එම තත්වය පාලනය කිරීමට කටයුතු කළ අතර රැඳවියන් තවදුරටත් එලෙස හැසිරීම හේතුවෙන් වෙඩි තැබීමක් සිදු කර තිබේ.  එම අවස්ථාවේ රැඳවියන් 8 දෙනෙකු තුවාල ලබා අනුරාධපුරය රෝහලට ඇතුළත් කෙරිණ.  

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 11:35

    Latest News