ලබන 20 වැනිදා දක්වා මන්නාරම සිට පුත්තලම,කොළඹ,ගාල්ල,හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදේ රළු ස්වභාවය නිසා ධීවර කටයුතු නොයෙදෙන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පවතින වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තුන් ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී පැවතීම හේතුවෙන්, දිවයිනේ (විශේෂයෙන් නිරිතදිග කොටසේ) දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර,මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුමේ පිහිටි කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට අද (21) පස්වරුවේ තද වැසි පතිත විය.
ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍ය-බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) මැයි 01 වන දින ප.ව. 11.30 වන විට යාපනය සිට ඊසාන දෙසින් කි.මී.750 පමණ දුරින් උතුරු අක්ෂාංශ 15.2 ත් නැගෙනහිර දේශාංශ 84.1 ත් ආසන්නව ස්ථානගතව පැවතිණ.