රත්නපුර විදුලිකණු රැසකට හානි..40,000ක් තවමත් ආරක්ෂිතව

සැප් 28, 2019

    රත්නපුර දිස්ත්‍රික්කයේ ඊයේ දිනයේත් විදුලි කණු රැසකට හානිවීම් පස්කණ්ඩි කඩා වැටීම් කිහිපයක් වාර්තා වූ බවයි, ආපදා කළමනාකරණ අමාත්‍යාශය පවසයි.

    දිවයින පුරා ආරක්ෂිත ස්ථානයක් තුල පුද්ගලයින් 40,000කට වැඩි පිරිසක් රඳවා සිටින අතර ඔවුන් සඳහා සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි.  නිවාසි හානි වෙනුවෙන් මේ වන විටත් තක්සේරු කටයුතු ආරම්භ කර තිබේ. එම පිරිස් වෙත ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් මුල්‍යමය ප්‍රතිපාදන දිස්ත්‍රික්ක ලේකම්වරු වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

    පවතින වැසි තත්වයත් සමගම කළුගඟේ මිල්ලකන්ද ප්‍රදේශයේ ජල මට්ටම තවමත් වැඩි වීමක් පෙන්නුම් කරන බවයි, නියෝජ්‍ය අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ.
    ගිංගඟේ, බද්දේගම හා තවලම ප්‍රදේශවල තවමත් ගඟ පිටාර මට්ටමක පවතී. නිල්වලා ගඟේ පානදුගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක පැවතිය ද එම ජලය අඩු වීමක් බවතින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

    අද දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් ඇති වන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50-75 ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක. යාපනය, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ ද වැසි වාර කිහිපයක් ඇති වේ.

    මඩකලපුව සිට පොතුවිල් හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ද ඇතිවිය හැකියි. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වලවිටින් විටවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (10-30) පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
    දිවයිනට ගිණිකොන දෙසින් මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් මඩකලපුව සිට පොතුවිල් හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ද ඇතිවිය හැක.

    Last modified on සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2019 10:45

    Latest News