සුළඟිං හානි වූ විදුලි පරිපථ ලංවිමයෙන් යථා තත්වයට

සැප් 29, 2019

    ස්වභාවික විපත් නිසා හානි වූ ගෘහස්ත විදුලි පරිපථ යථා තත්වයට පත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ සහන සේවා ක්‍රියාත්මක බව, අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අයහපත් කාලගුණ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශයෙන්හි ගස් කඩා වැටීම් හා නාය අනතුරු හට ගැනිණ. ඇතැම් නිවෙස්වලට දැඩි හානි සිදුව ඇති බැවින්, ඒවායේ විදුලි පරිපථ විනාශයට පත්වී හෝ ක්‍රියා විරහිත තත්වයට පත්වී තිබේ.

    එවැනි තත්වයක් උද්ගතව ඇත්නම් ළඟම පිහිටි විදුලිබල මණ්ඩලයේ කාර්යාලයට දැනුම් දීමෙන් පසු එම සේවාව නොමිලයේ ලබාගත හැකි බව, අමාත්‍ය රවී කරුණානායක මහතා විදුලි පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.

    Last modified on ඉරිදා, 29 සැප්තැම්බර් 2019 11:37

    Latest News