අවහිර පාලම්වලට නාවික හමුදාවෙන් එළියක්

සැප් 30, 2019

    ගාල්ල, දොඩන්ගොඩ පාලම සහ වක්වැල්ල පාලම යට ප්‍රදේශයන් ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවති ශාක කොටස් ඉන් ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට නාවික හමුදාව ඊයේ කටයුතු කළේය.

    මේ දිනවල විටින් විට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගිං ගඟ හරහා වැටී ඇති දොඩන්ගොඩ පාලම සහ වක්වැල්ල පාලම යට ප්‍රදේශය ශාක කඳන් මෙන්ම අපද්‍රව්‍ය විශාල වශයෙන් සිරවී ජලය බැසයාමට නොහැකි සේ අවහිර වී පැවතිණ. එම හේතුවෙන් පාලම් අවට ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමක් පැවතිණ.

    දකුණු නාවික විධානය විසින් කිමිදුම් අංශයේ සහ මැරීන් අංශයට අනුයුක්ත කණ්ඩායම් දෙකක් එක්වයි මෙය ක්‍රියාත්මක කෙරුණේ.

    9

    8 1

    6

    5

    7

    8

    11

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 08:03

    Latest News