සවස 1.00න් පසු පළාත් 5කට තද වැසි

ඔක් 19, 2019

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශ වල උදෑසන කාලයේදී සිහින් වැසි ඇති විය හැකියි.

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත් වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකියි. සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල තද වැසිද ඇතිවිය හැක.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (10-30) පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

    Last modified on සෙනසුරාදා, 19 ඔක්තෝබර් 2019 08:27

    Latest News