ගිගුරුම් සහිත වැසි

සැප් 29, 2019

    බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 80ක පමණ කෙටි කාලීන තද සුළං ද ඇතිවිය හැකිය. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබා ගන්නා ලෙස ද ඉල්ලීමක් කෙරේ.

    Last modified on ඉරිදා, 29 සැප්තැම්බර් 2019 20:17

    Latest News