සවසට තද වැසි

ඔක් 14, 2019

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකියි. නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල උදෑසන කාලයේදී ද සිහින් වැසි ඇති විය හැකියි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව අද (14) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 07:55

    Latest News