බදුල්ලට නාය අනතුරු ඇඟවීම් තවදුරටත්

ඔක් 14, 2019

    බදුල්ල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 කට පැනවු නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    පවතින වර්ෂාවන හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. හල්දුම්මුල්ල, පස්සර සහ ඇල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තවදුරටත් නායයාම් අවධානමේ පවතින බවයි.

    තවදුරටත් වැසි ඇතිවිය හැකි බවට අනාවැකි පළවී ඇති බැවින් නායයාම් අනතුරු ඇඟවීම් පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි එහි නායයාම් පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 07:50

    Latest News