අදත් සවස් කාලයේ තද වැසි

ඔක් 21, 2019

    බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කෙරේ.  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, යාපනය, මන්නාරම, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75-100 පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක බවයි.

    සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 10:09

    Latest News