කොළඹ ප්රදේශ කිහිපයකට හෙට (27) පස්වරු 5.00 සිට 28 වැනිදා (ඉරිදා) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් සමග මේ වනවිට ජල මූලාශ්ර 18ක් අවදානම් තත්ත්වයේ පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
හැටන් ප්රදේශයේ ජල පාරිභෝගිකයන්ට දින දෙකකට වරක් පානිය ජලය සීමාකර ලබාදීමට සිදු වන බව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හැටන් කාර්යාලය විසින් ශබ්ද විකාශන යන්ත්ර මගින් පාරිභෝගිකයන් දැනුවත් කිරීමට පියවර ගැනුණා.
හෙට (09) කොළඹ ප්රදේශ කිහිපයකට පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

හෙට පස්වරු පහේ සිට අනිද්දා (08) පෙරවරු 8 දක්වා අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පවසනවා.

හැටන් - දික්ඔය දරවල ප්‍රදේශයේ 100කට ආසන්න පිරිසක් පානීය ජලයේ ගැටලුවක් හේතුවෙන් දින කිහිපයක සිට විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටින බව අප වාර්තාකරු පවසයි. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා පානීය ජල මූලාශ්‍ර සිඳී පවතියි.

මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පෝෂක ප්‍රදේශවලට මාසයකට ආසන්න කාලයක සිට පවතින වියළි කාළගුණය හේතුවෙන් මාවුස්සා කැලේ සහ කාසල්රී යන ජලාශවල ජල මට්ටම පහත බසිමින් පවතියි.

ජල ඒකක 15ට වඩා පරිභෝජනය කරන පුද්ගලයින්ගේ ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. ජලය සැපයීම සඳහා වැය වන පිරිවැය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අද (07) උදෑසන 9.00 සිට පසුදින උදෑසන 9.00 දක්වා පැය 24 ක කාලයක් මහරගම හා තවත් ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Latest News