හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි

ඔක් 06, 2023

    හෙට පස්වරු පහේ සිට අනිද්දා (08) පෙරවරු 8 දක්වා අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පවසනවා.

    මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ 11,12,13 යන ප්‍රදේශවලට වන අතර කොළඹ 14,15 යන ප්‍රදේශවලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවට සඳහන් වනවා.

    මෙම හේතුව නිසා අවශ්‍ය ජලය කල් තබා රැස් කර ගන්නා ලෙස ජනතාව වෙත ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩපය දැනුම් දී තිබෙනව‍ා.

    Last modified on සිකුරාදා, 06 ඔක්තෝබර් 2023 11:39

    Latest News