වියලි කාලගුණය නිසා ජලය සීමිතව

පෙබ 22, 2020

    පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා පානීය ජල මූලාශ්‍ර සිඳී පවතියි.

    එබැවින් පානීය ජලය ලබාදීම සීමා කිරීමට සිදුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ. විටින් විට සිදු කරන ජල සැපයුම සීමා කිරීම පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා තම ජල බිල්පතේ ගිණුම් අංකය 0719399999 දරණ දුකරථන අංකයට කෙටි පණිවුඩයක් මගින් එවීමෙන් ලියාපදිංචි විය හැකි බව මණ්ඩලය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි. වියළි කාලගුණය හේතුවෙන් ජලය පැය 24 පුරා අඛණ්ඩව බෙදා හැරීම සීමා කිරීමට සිදුවන බව මණ්ඩලය පවසයි.

    මේ හේතුවෙන් උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේ දි අඩු පීඩන තත්වයක් ඇතිවිය හැකියි. එබැවින් ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Last modified on සෙනසුරාදා, 22 පෙබරවාරි 2020 12:14

    Latest News