ජල ගාස්තු සංශෝධනයක්..

ජන 20, 2020

    ජල ඒකක 15ට වඩා පරිභෝජනය කරන පුද්ගලයින්ගේ ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. ජලය සැපයීම සඳහා වැය වන පිරිවැය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

    ඉහළ ආදායම් ලබන්නන්ගෙන් සහ මහා පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් අය කරන ලබන ජල ගාස්තු ප‍්‍රමාණවත් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

    ජල ඒකක 15 ට අඩුවෙන් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභී ජනතාවට මින් කිසිඳු බලපෑමක් සිදු නොවන බවයි ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර වැඩිදුරටත් කියා සිටියේය.

    මේ වන විට ජනතාවට ලබා දෙන පිරිසිදු කරන ලද ජලය විවිධ අනවශ්‍ය දේ සඳහා යොදා ගනිමින් ඇති බවත් ඒ සඳහා වැසි ජලය භාවිතා කිරීමට හුරු කළ යුතුව ඇති බවත් සඳහන් කළේය.

    පානීය ජලය පානීය නොවන දේවල් සඳහා යොදා ගනිමින් අපතේ හැරීම විශාල අපරාධයක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    Last modified on සදුදා, 20 ජනවාරි 2020 08:29

    Latest News