මුර ක්‍රමයට එන ජලය

මාර් 19, 2024
    පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් සමග මේ වනවිට ජල මූලාශ්ර 18ක් අවදානම් තත්ත්වයේ පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

    එම නිසා ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස එම මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.

    මුර ක්රමය යටතේ ජල සම්පාදන ක්රම 16 ක ජලය සැපයීම සිදුකරන බවත් ඒ අනුව බේරුවල, අලුත්ගම, නිවිතිගල, නාරම්මල, ගම්පොළවත්ත, පුස්සැල්ලාව, අංකුඹුර, මීවතුර, පුස්සැල්ල, රත්තොට, හැටන්, කොටගල, ඌරුබොක්ක, බුත්තල, සූරියආර යන ප්රදේශ සඳහා මේ අයුරින් මුර ක්රමයට ජලය සපයන බවයි එම මණ්ඩලය පවසනවා.
     
    එසේම වාද්දුව, ඇහැළියගොඩ සහ රදම්පළ ප්රදේශ සඳහා මේ වනවිට අඩු පීඩන තත්ත්වයෙන් ජල සැපයීම සිදුවන බැවින් එම ප්රදේශ සඳහා බවුසර මගින් ජලය සැපයීමට පියවර ගෙන ඇති බවත්, එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

    Latest News