රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' එන්නත් මාත්‍රා 50,000ක් අද (07) අළුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

සම්පූර්ණයෙන් කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් ​අමෙරිකානුවන්ට මින් පසු මු​ඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

කොවිඩ්-19ට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දැනට ලබාදී ඇති එන්නත් වර්ගවල පළමු මාත්‍රාව ලබාගත් පිරිස එකොළොස් ලක්‍ෂ 54,795ක් බව සෞඛ්‍ය අංශ පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දෛනිකව ජනතාව දැනුවත් කරමින් එහි ව්‍යාප්තිය වැළැක්වීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම අද (14) ආරම්භ කෙරිණ.

කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ යටතේ, දෙවැනි මාත්‍රාව ලබාදීම ද දිවයින පුරා ක්‍රියාත්මකයි.

කොරෝනා වෛරසයට එරෙහි, එන්නත් නිපදවන ඇස්ට්‍රාසෙනෙකා සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

තවත් රුසියානු ස්පුට්නික් 5 එන්නත් මාත්‍රා මිලියන 6ක් මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

චීනයේ නිෂ්පාදිත සීනෝෆාම් කොරෝනා එන්නත අප්‍රේල් මස සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ද නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ඉස්මතු වීමත් සමග නැවතත් ගෝලීය වශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් වැඩි වෙමින් පවතියි.

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මේ දක්වා එක් ලක්ෂ අනූ දෙදහස් 938 දෙනෙක්ට ලබාදී ඇතැයි,වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Latest News