තවත් 'ස්පුට්නික් V' එන්නත් මාත්‍රා 50,000ක් දිවයිනට

ජූලි 07, 2021

    රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' එන්නත් මාත්‍රා 50,000ක් අද (07) අළුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

    රුසියාවේ ගැමලයා වෛද්‍ය නිෂ්පාදනාගාරයේ සිට රැගෙන ආ මෙම එන්නත් මාත්‍රා 50,000 කටුනායක ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව වෙත භාර දී ඇත.

    ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එම එන්නත් කොළඹ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබේ.

    Latest News