'සීනෝෆාම්' එන්නත නිෂ්පාදනයට එමීර් රාජ්‍යය සූදානම්

මාර් 29, 2021

    චීනයේ නිෂ්පාදිත සීනෝෆාම් කොරෝනා එන්නත අප්‍රේල් මස සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ද නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් වන ගල්ෆ් ෆාමසිටිකල් සමාගම සමග මේ සඳහා ගිවිසුම් අත්සන් තැබීම සිදුකරනු ලැබීය.

    චීන විදේශ අමාත්‍ය වැං යී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙදින නිල සංචාරයකට සහභාගී විය. එහි අවසන් දිනය වන ඊයේ දිනයේ දී ඔහු මෙම ගිවිසුමට සමාගම සමග එකඟ වී සිටියි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා එම කලාපයට අවශ්‍ය එන්නත් නිපදවීම මෙමගින් ගල්ෆ් ෆාමසිටිකල් සමාගම විසින් අද සිට ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සදුදා, 29 මාර්තු 2021 09:29

    Latest News