කොවිඩ් නව ප්‍රභේද නිසා ආසාදිතයින් ඉහළට

මාර් 27, 2021

    කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ඉස්මතු වීමත් සමග නැවතත් ගෝලීය වශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් වැඩි වෙමින් පවතියි.

    ඒ අතර බ්‍රසීලය හා ඉන්දියාව දැඩි අවදානම් තත්වයක පසුවෙයි.

    අසල්වැසි ඉන්දියාව තුළ ගත වූ පැය 24 තුල දී පමණක් නව ආසාදිතයන් 62,291 දෙනෙක් වාර්තා වී තිබේ.
    ගෝලීය වශයෙන් ආසාදිතයන් වැඩිම රටවල් අතර තුන්වැනියට ආසාදිතයන් වැඩිම රට වී ඇත්තේ,ඉන්දියාවයි.

    නව ආසාදිතයන් වාර්තා වීම ශීඝ්‍රවීමත් සමග ඉන්දියාව තුළ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි 19 ලක්ෂ 8,000 ඉක්මවා ගොස් තිබේ.

    Last modified on සෙනසුරාදා, 27 මාර්තු 2021 10:34

    Latest News