කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අරගලකරුවන් අතර සාකච්ඡාවක් අද සවස පැවැත්වෙනවා.  ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී.

ජූලි 13 වැනිදා සිය ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන් බව කතානායකවරයා පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක නිලධාරිනී හනා සිංගර් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත රොබර්ට් ජුහ්කම් යන මහත්ම මහත්මීහු ඊයේ (09) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වූහ.

පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට හෝ මන්ත්‍රීවරුන්ට කිසිම ආකාරයක බලපෑමක් සිදු කිරීමට ඉඩ නොදෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (28)පාර්ලිමේන්තුවේ පැවසීය.

කථානායක කරූ ජයසූරිය මහතා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් බැහැ දැක තිබේ.

ඉතාමත් පහත් අසභ්‍ය වචන භාවිතා කරමින් පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානිකරමින් කටයුතු කිරීම පිළිබඳව තමන් ඉතාමත් කණගාටුවන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (2) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

ව්‍යවස්ථාදායක සභාව අනුමත කළ සෑම නාමයක්ම ජනාධිපතිතුමන් විසින් නිර්දේශිත ලැයිස්තුවල ඇතුලත් නම් පමණක් ව්‍යවස්ථාදායක මණ්ඩලය අනුමත කර ඇති බවත් එයින් පිටස්තර කිසිම නමක් නිර්දේශ කර නොමැති බව කථානායක කරු ජයසුරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබිය දී පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කතානායක කරු ජයසූරිය මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

 (update)

කතානායක කරූ ජයසූරිය මහතා විසින් අගවිනිසුරුවරයා වෙත යවන ලද බවට පලවන ව්‍යාජ ලිපිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ක් කර තිබේ.  

මේ වන විට රටේ පැන නැගී ඇති දේශපාලන ව්‍යාකූලතාවය ජනසම්මතභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර මූලධර්මයන්ට ගරු කරමින් ව්‍යවස්ථානුකූලව කඩිනමින් විසඳා ගැනීමට හැකි වනු ඇතැයි, කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

Latest News