පාර්ලිමේන්තු මහලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක් (update)

නොවැ 21, 2018

     (update)

    කතානායක කරූ ජයසූරිය මහතා විසින් අගවිනිසුරුවරයා වෙත යවන ලද බවට පලවන ව්‍යාජ ලිපිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ක් කර තිබේ.  

    එම ලිපිය පිළිබඳ පැමිණිල්ල කතානායකගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින්  අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බවයි කථානායක කාර්යාලය නිවේදනය කරන්නේ.

     

    img109

    .................................................................................................................

    කථානායක අගවිනිසුරුට යැවූ ලිපිය

    කථානායක කරු ජයසුරිය මහතා විසින් අගවිනිසුරු වෙත ලිපියක් යොමු කර නොමැති බව කථානායක කාර්යාලය පවසයි.

    එවැනි ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇති බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

    222

    Last modified on බදාදා, 21 නොවැම්බර් 2018 16:39

    Latest News