කථානායකගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි

දෙසැ 14, 2024
    කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගෙන තිබෙනවා.

    ඒ පිළිබඳ ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසන්නේ.

    10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා‍ ලෙස පත්වූ අශෝක රංවල මහතා තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව, ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (2) ව්‍යවස්ථාව ප්‍රකාරවයි.
    ඒ අනුව ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගෙන ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා.

    Latest News