කථානායකවරයා හා අරගලකරුවන් අතර අද සාකච්ජාවක්

ජූලි 12, 2022

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අරගලකරුවන් අතර සාකච්ඡාවක් අද සවස පැවැත්වෙනවා.  ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී.

    අරගලකරුවන් ලෙස හඳුනාගත් 25 දෙනෙකු මීට සහභාගි වීමට නියමිතයි. 

    යෝජිත සර්වපාක්‍ෂික ආණ්ඩුව පිළිබඳ අරගලකරුවන්ගේ යෝජනා පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති. 

    සාකච්ඡාව පැවැත්වෙන්නේ, ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ඊයේ පැවති පක්‍ෂ නායකයන්ගේ සාකච්ඡාවකදී කළ ඉල්ලීමකට අනුවයි. 

    Latest News