එ.ජා. සංවිධානයේ සහ එ.ජා. සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෝ කතානායක හමුවෙති

සැප් 10, 2020

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක නිලධාරිනී හනා සිංගර් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත රොබර්ට් ජුහ්කම් යන මහත්ම මහත්මීහු ඊයේ (09) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වූහ.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කථානායක කාර්යාලයේදී පැවති මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහ ගේකම් ධම්මික දසනායක මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිලධාරීහු ද එක්වූහ.

    Latest News