පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද දිනයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ අනූව අද පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි. අනතුරුව තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම පස්වරු 3.00ට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.පාස්කු ප්‍රහාරයට ගැන තේරීම් කාරකසභා වාර්තාව අද පාර්ලිමේන්තුවට (පෙ.ව 7.30)

Update - පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා නියෝජිතයෝ අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (20) පස්වරු 2.00ට යළි රැස්වීමට නියමිතයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිල කාලය තවත් මසකින් පමණ දීර්ඝ වනු ඇතැයි, එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාසිරි මහතා පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද ප.ව2.00ට යළි රැස්වීමට නියමිතව තිබේ.

අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (4) සවස 3.00 සිට ප.ව 9.00 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා පවසයි.

Latest News