පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද ජනපති හමුවට (විඩියෝ)

සැප් 20, 2019
  • Update - පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා නියෝජිතයෝ අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.

    පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් අදහස් සහ යෝජනා ලබා ගැනීමට කර තිබූ ඉල්ලීම සලකා බැලූ ජනාධිපතිතුමා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරනනායකයෙකු ලෙස පාර්ලිමේන්තු තේරිම්කාරක සභාව සමඟ මෙම සාකච්ඡාවට එක් වු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද ජනපති හමුවට ( 09:32)

    පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (20) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතයි.

    ඒ උදෑසන 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී. තේරීම් කාරකසභා අවසන් වාර්තාව ඉදිරිපත් කළ යුතු දිනය ඔක්තොම්බර් 30 දක්වා දීර්ඝ කර තිබේ.

    ඒ පසුගියදා (18) පාර්ලිමේන්තුවේ දී කළ යෝජනාවකට අනුවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ තේරීම් කාරක සභාවේ සභාපති ලෙස නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා කටයුතු කරයි.

    Last modified on සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 08:56

    Latest News