ත්‍රිපුද්ගල කමිටු සමාජිකයින් අද විශේෂ කාරක සභාව හමුවට

අගෝ 20, 2019

    පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (20) පස්වරු 2.00ට යළි රැස්වීමට නියමිතයි.

    අද දිනයේ කාරක සභාව හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් පෙනී සිටීමට නියමිතව තිබේ.

    ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න යන අය අද දිනයේ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 20 අගෝස්තු 2019 09:15

    Latest News