තේරිම් කාරක සභාවේ නිල කාලයේ දිගුවක්

අගෝ 13, 2019

    පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිල කාලය තවත් මසකින් පමණ දීර්ඝ වනු ඇතැයි, එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාසිරි මහතා පවසයි.

    මේ වන විට එහි සාක්ෂි විමසීම අවසන් අදියරේ පවතියි. අවසන් වාර්තාව මේ මස 23 වැනිදා ලබාදීමටයි, තීරණය කර ඇත්තේ. එහෙත්, ලබන සැප්තැම්බර් මස 23 වැනිදා දක්වා එහි කටයුතු පවත්වාගෙන යාමට සිදුවනු ඇති බවයි, නියෝජ්‍ය කථානායකවරයා පවසන්නේ.

    කොමිසමේ කටයුතු තවත් මසද කාලයක් දක්වා දීර්ඝ කිරීමට, අදාළ යෝජනාව එළැඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී කථානායකවරයාට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 13 අගෝස්තු 2019 10:43

    Latest News