විශේෂ කාරක සභාව 2වැනි දිනට අද රැස්වෙයි

ජූනි 04, 2019

    අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (4) සවස 3.00 සිට ප.ව 9.00 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා පවසයි.

    පළමු කාරක සභාව පසුගිය මැයි 29 දින රැස්වූ අතර අද දෙවැනි දිනට කාරක සභාව රැස් වෙයි. පසුගිය කාරක සභාවේ දී ආරක්ෂක ලේකම්වරයා සහ ජාතික බුදි ප්‍රධානි කාරක සභාව හමුවේ සක්ෂි ලබාදීමට කැඳවා තිබුණි. මෙම කාරක සභාව ප්‍රථමවරට මාධ්‍ය වෙත විවෘත කර තිබුණි. එමෙන්ම අද සවස පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වීමට නියමිත යි.

    Latest News