දෙවන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර එය වසර පහකට අත්හිටුවීමට තීන්දු කළා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් අද අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණත් එය කැඳවීමක් සිදු වූයේ නැහැ.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මස 08 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබූ තවත් පැමිණිල්ලක් නොවැම්බර් මස 27 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

හිටපු ඇමති රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් කිරීමට තීරණය කළේ ඔහු විසින් සිදුකර තිබු ප්‍රකාශයෙන් බැලූ බැල්මටම අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සියලු දෙනා තීරණය කිරීමෙන් අනතුරුව බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයේ නිරත වු විනිසුරුවන්ගෙන් කඩිනමින් ප්‍රකාශයක් ගැනීමට නීතිපති ජනාධිපති නිතිඥ දප්පුල ලිවේරා මහතා කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට උපදෙස් දි තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගතකළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මේ වන විට වැලිකඩ, මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් ජනතා නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක්...

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා...

“මම පිළිගන්න දේ තමයි මන්ත්‍රීවරයෙක් වුණාම රජයේ නිලධාරීන්, සමාජයේ ඉන්න ඕනෙම කෙනෙක් එක්ක කතා බහ කරන්න අවශ්‍යතාවයන් තියෙනවා. නමුත් මෙතුමා ඒවා පටිගත කිරීම හා පටිගත කරපු ඒවා එළියට ඒම තමයි සමාජය තුළ මේක අර්බුදයක් බවට පත්වෙලා තියෙන්නේ. රන්ජන් රාමනායක ඒවා පටිගත කරපු එක හරීයි කියන එක මම පිළිගන්නේ නැහැ. ඒක වැරදි දෙයක්. මං හිතන්නේ පක්ෂය පැත්තෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා ඒ සම්බන්ධව සාකච්ජාවල් යනවා. මේ වෙනකොට යම් කමිටුවකුත් පත්කරලා තියෙනවා“ යැයි මුජිබර් රහුමාන් මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා....

Keheliya px 900 12 01 20

“හෙට දවසේ සමහර විට රන්ජන් රාමනායක කියන චරිතය එක්සත් ජාතික පක්ෂය කියයි විනය පරික්ෂණයක් තියලා ඔහු ඉවත් කරනවා කියලා. ඒ ඉවත් කරනවා කියන වැඩපිළිවෙළ හරහාම ඔවුන් පෙන්නුම් කරන්න හදන්නේ මේක සම්පුර්ණයෙන්ම රන්ජන් රාමනායකගේ වැඩපිළිවෙළක්. බැලු-බැල්මට ඒක එහෙම දැක්කට මේක රන්ජන් රාමනායකගේ වැඩපිළිවෙළක් නෙමෙයි. යහපාලන රජයේ එවකට තිබ්බ මොකද ඔහු නිරන්තරයෙන් කියනවා මම දැන් අගමැතිතුමත් එක්ක කතා කළා. ජනාධිපතිතුමා හෙට හම්බවෙනවා. කියන්නම් ඔයාගේ ෆොමේෂන් එක ගැන. ක්‍ෂෙත්‍රයේ ඉන්න අයට පණිවුඩයක් දෙනවා අගමැති, ජනාධිපති සහ මුලු කැබිනට් මණ්ඩලයම මං කියන විධියට තමයි හැසිරෙන්නේ. එහෙම නැත්නම් මාව පාවිච්චි කරලා තියෙනවා ඔබතුමාලගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් හැටියට. රටේ නීතිය නමන්න, අධිකරණ තීන්දුවට බලපෑම් කරන්න, මාව පත්කරලා තියෙනවා නිල වශයෙන් නූනත්, නොනිල වශයෙන් කියන පණිවිඩය තමයි දෙන්නේ“ යැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා....

Rohitha px 900 12 01 20

“තමුන්නාන්සේලා දැන් පේනවා පහුගිය රජය කොපමණ විධියට අධිකරණය දූෂණය කරලද කියලා. දැන් ජනතාවට හිතෙයි ඔලුව නමනවද, නැද්ද කියලා හිතනවා මේක දිහා බැලුවට පස්සේ“ යැයි අබේගුණවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ බලපත්‍ර නොමැති පිස්තෝලයක් ළඟ තබාගැනීමේ චෝදනාවට නොවන බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශ රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Latest News