රන්ජන්ගේ හඬ පටයේ සිටින විනිසුරුවන්ගෙ ප්‍රකාශ ගැනීමට නීතිපතිගෙන් උපදෙස්

ජන 16, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයේ නිරත වු විනිසුරුවන්ගෙන් කඩිනමින් ප්‍රකාශයක් ගැනීමට නීතිපති ජනාධිපති නිතිඥ දප්පුල ලිවේරා මහතා කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට උපදෙස් දි තිබේ.

    රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬ පට සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව නිතිපති උපදෙස් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ලිඛිතව ඉල්ලා ඇතැයි නිතිපති සම්බන්ධිකරණ නිළධාරිනි රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥ නිශාර ජයරත්න මෙනවිය පැවසුවාය.

    ආන්දෝලනාත්මක හඬ පට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතාව 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    රන්ජන් රාමනායක මහතා සතු වු හඩ පට ඇතුළත් සීඩී තැටි මගින් විවිධ අධිකරණවල සහ විනිසුරුවන්ගේ නම් අනාවරණය වී ඇති බවත් එයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඈ (2) වගන්තිය උල්ලංඝණය වී ඇතැයි නීතිපති දප්පුල ලිවේරා මහතා කියා සිටි. ඒ අනුව අධිකරණයේ කටයුතුවලට මැදිහත්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට එරෙහිව රන්ජන් රාමනායක මහතාව අත්අඩංගුවට ගැනීමට නීතිපති විසින් කොළඹ අපරාධ පොලිස් කොට්ඨාසයට උපදෙස් පසුගියදා (01/14) ලබා දුන්නේය.

    Latest News