රන්ජන් කතා කිරිම හරි: පටිගත කිරිම වැරදි - මුජිබර් රහුමාන්

ජන 12, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් ජනතා නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක්...

    පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා...

    “මම පිළිගන්න දේ තමයි මන්ත්‍රීවරයෙක් වුණාම රජයේ නිලධාරීන්, සමාජයේ ඉන්න ඕනෙම කෙනෙක් එක්ක කතා බහ කරන්න අවශ්‍යතාවයන් තියෙනවා. නමුත් මෙතුමා ඒවා පටිගත කිරීම හා පටිගත කරපු ඒවා එළියට ඒම තමයි සමාජය තුළ මේක අර්බුදයක් බවට පත්වෙලා තියෙන්නේ. රන්ජන් රාමනායක ඒවා පටිගත කරපු එක හරීයි කියන එක මම පිළිගන්නේ නැහැ. ඒක වැරදි දෙයක්. මං හිතන්නේ පක්ෂය පැත්තෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා ඒ සම්බන්ධව සාකච්ජාවල් යනවා. මේ වෙනකොට යම් කමිටුවකුත් පත්කරලා තියෙනවා“ යැයි මුජිබර් රහුමාන් මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා....

    Keheliya px 900 12 01 20

    “හෙට දවසේ සමහර විට රන්ජන් රාමනායක කියන චරිතය එක්සත් ජාතික පක්ෂය කියයි විනය පරික්ෂණයක් තියලා ඔහු ඉවත් කරනවා කියලා. ඒ ඉවත් කරනවා කියන වැඩපිළිවෙළ හරහාම ඔවුන් පෙන්නුම් කරන්න හදන්නේ මේක සම්පුර්ණයෙන්ම රන්ජන් රාමනායකගේ වැඩපිළිවෙළක්. බැලු-බැල්මට ඒක එහෙම දැක්කට මේක රන්ජන් රාමනායකගේ වැඩපිළිවෙළක් නෙමෙයි. යහපාලන රජයේ එවකට තිබ්බ මොකද ඔහු නිරන්තරයෙන් කියනවා මම දැන් අගමැතිතුමත් එක්ක කතා කළා. ජනාධිපතිතුමා හෙට හම්බවෙනවා. කියන්නම් ඔයාගේ ෆොමේෂන් එක ගැන. ක්‍ෂෙත්‍රයේ ඉන්න අයට පණිවුඩයක් දෙනවා අගමැති, ජනාධිපති සහ මුලු කැබිනට් මණ්ඩලයම මං කියන විධියට තමයි හැසිරෙන්නේ. එහෙම නැත්නම් මාව පාවිච්චි කරලා තියෙනවා ඔබතුමාලගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් හැටියට. රටේ නීතිය නමන්න, අධිකරණ තීන්දුවට බලපෑම් කරන්න, මාව පත්කරලා තියෙනවා නිල වශයෙන් නූනත්, නොනිල වශයෙන් කියන පණිවිඩය තමයි දෙන්නේ“ යැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා....

    Rohitha px 900 12 01 20

    “තමුන්නාන්සේලා දැන් පේනවා පහුගිය රජය කොපමණ විධියට අධිකරණය දූෂණය කරලද කියලා. දැන් ජනතාවට හිතෙයි ඔලුව නමනවද, නැද්ද කියලා හිතනවා මේක දිහා බැලුවට පස්සේ“ යැයි අබේගුණවර්ධන මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 12 ජනවාරි 2020 19:07

    Latest News