මෙම පැමිණිල්ලට අදාළ සාක්ෂි මෙහෙයවීම සහ වාචික දේශන ඉදිරිපත් කිරීම මේ වන විට අවසන් කර ඇති අතර නඩු විභාගයේ දී මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා එය ඉකුත් 06 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබුණා.
එහෙත් එදින නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් නඩු විභාග සියල්ල කල් දමා තිබුණා.
ඒ අනුව කල් දමනු ලැබූ එම පැමිණිල්ල දෙසැම්බර් මස 08 වනදා යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණා.
2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණා.
එම ප්‍රකාශය තුළින් රංජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.
ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද එම පැමිණිල්ල තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තිබෙනවා.