රන්ජන් වැලිකඩ බන්ධනාගාරයට..කටහඩ පරීක්ෂණය 23

ජන 15, 2020

    රක්ෂිත බන්ධනාගාර ගතකළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මේ වන විට වැලිකඩ, මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ.

    අධිකරණයේ කටයුතුවලට මැදිහත්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව අද (15) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ.

    එහිදී නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේ මන්ත්‍රීවරයා මේ මස 29 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.  මන්ත්‍රීවරයාගේ කටහඩ පරීක්ෂාවක් සඳහා ලබන 23 වැනිදා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසට ද නියෝග කෙරිණ.

    Last modified on බදාදා, 15 ජනවාරි 2020 17:09

    Latest News