බෙලිඅත්තේ වෙළඳසැල් 9කට නඩු

දෙසැ 14, 2019

    බෙලිඅත්ත නගරය හා අවට ප්‍රදේශයේ වෙළඳසැල් 9කට නඩු පවරා තිබේ. ඒ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම හේතුවෙන්.

    මෙහි දී වෙළඳසැල් 28ක් පරීක්ෂාවට ලක් කෙරිණ. ගුල්ලන් ගැසූ කව්පි, නරක් වූ කරවල, කල්ඉකුත් වූ ආහාර මෙහි දී සොයා ගැනිණ. පසුව ඒවා විනාශ කෙරිණ. තවත් වෙළඳසැල් හිමියන් දස දෙනෙකුට තරයේ අවවාද කර මුදා හැරිණ.

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 12:21

    Latest News