වැඩි මිලට පාන් පිටි විකුණූ 7කට නඩු

ජූලි 20, 2019

    නියමිත මිළට වඩා වැඩි මිළට තිරිගු පිටි අලෙවි කළ ඌව පරණගම, පස්සර හා මඩොල්සීම යන ප්‍රදේශවල වෙළෙන්ඳන් හත් දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

    වැලීම සිදුකෙරුණේ ඉකුත් 17 හා 18 දෙදින තුළයි. රුපියල් 87.00 ක උපරිම මිළකට අලෙවි කළයුතු තිරිගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 95.00 - 100.00 දක්වා වූ විවිධ මිළගණන්වලට අදාළ වෙළෙඳුන් අලෙවි කර තිබේ. 

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ කේ.ජී.දයා සමරකෝන් මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධානී ඒ.එම්.කේ.රත්නායක, විමර්ශන නිළධාරීන් වන ඒ.එම්.ඒ.බී.දිසානායක, ටී.එම්.ඩී.කේ.විජේසුන්දර, එම්.මුත්තුසිවනු, ආර්.එම්.එන්.එම්.ගුණරත්න යන නිළධාරීන් එක්ව අදාළ වැටලීම් සිදුකෙරිණ. අදාළ වැටලීම් දිස්ත්‍රික්කය පුරා දිගටම සිදුකරන බව එම කාර්යාලය පවසයි.

    Last modified on සෙනසුරාදා, 20 ජූලි 2019 07:32

    Latest News