ගංජා හේන් වැටලීමකදි පොලිසියට බඹර ප්‍රහාරයක්

ජන 12, 2020

    මොනරාගල දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකය විසින් ඊයේ (11) ගංජා හේන් තුනක හදිසි වැටලීමක් කර තිබේ.

    එම වැටලීමේ දි පොලිස් නිලධාරීන්ට බඹර ප්‍රහාරයක් එල්ල වු බව පොලිසිය පවසයි.

    කුඩාඔය පොලිස්, අඹේලන්ද රක්ෂිතයේ වගාකර තිබූ එක් ගංජා හේනක් පොලිස් නිලධාරීන් විසින් වටලා ඇති එහි තිබූ අඩි දහයකට වඩා උස ගංජා ගස් තුන්සිය හතලිස් දෙකක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

    කොස්ලන්ද, හාමිනාකන්ද රක්ෂිතයේ වගාකර තිබූ ගංජා හේන් දෙකක් ද පොලිස් නිලධාරීන් විසින් වටලා ඇති අතර එම ගංජා හේන් දෙක අක්කර භාගය සහ අක්කර කාල ප්‍රමාණයේ වගාවන් වේ.
    එක් හේනක තිබූ ගංජා ගස් නමසිය හැත්තෑ අටක් සහ අනෙක් ගංජා හෙනේ තිබූ ගංජා ගස් හත්සිය පනස් තුනක් ද පොලිසිය විසින් ගිනි තබා විනාශ කර තිබේ.

    කොස්ලන්ද හාමිනා කන්ද රක්ෂිතයේ ගංජා හේන් වැටලීම අතර තුරයි පොලිස් නිලධාරීන්ට බඹර ප්‍රහාරය ඇත්තේ. ඉන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනකු වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කර තිබේ. මෙම වැටලීම සිදුවන අතර සැකකරුවන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.

    Latest News