රජය වී මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

අද (17) සිට වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 48,000 ක් පමණ මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

මහ කන්නයේ වී කිලෝවක් රුපියල් 75ක සහතික මිලකට මිලදී ගැනීම ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පොලොන්නරුව දිස්ත්‍රික්යේ වී මිලදී ගැනීම දැන් සිදු කෙරේ. ඒ් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ.

රජයේ වී මිලදී ගැනීමේ අඛණ්ඩව ක්‍රියාත්මකයි. පොළොන්නරු දිස්ත්‍රික්කයේ ද සියලුම ගබඩා අද සිට විවෘතව ඇති බව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා පවසනවා.

රජය යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා.

රුපියල් 50 ක රජයේ සහතික මිල යටතේ මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 10,400 ක මූල්‍ය පහසුකම් ලබාදේ.

වගා කර ඇති භුමි ප්‍රමාණය අනුව උපරිම ලෙස එක් ගොවියෙකුගෙන් වී කිලෝ ග්‍රෑම් 5,000 ක් බැඟින් වන සේ, ප්‍රමිතියෙන් යුතු සම්බා, නාඩු සහ කීරි සම්බා යන වර්ගවල වී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 50 ක් සහ තෙතමනය සහිත වී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 42 ක සහතික මිලක් ලබා දෙමින් වී අලෙවි මණ්ඩලය හරහා වී මිල දී ගැනීමේ වැඩසටහනක් සැලසුම් කොට කර ඇත.

මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මකයි.

Latest News