යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ

ජූලි 30, 2021

    රජය යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් ඒ සඳහා සූදානම් කර ඇති වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා සංඛ්‍යාව විසි තුනක්. නාඩු වී කිලෝවක් රු.50කට ද සම්බා වී කිලෝව රු.52කට මිල දී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ එම මිළ ගණන්වලට පෞද්ගලික අංශය ද වී මිල දී ගන්නා බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. වී අලෙවි මණ්ඩලයේ ගබඩා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ම ආවරණය වන පරිදි පිහිටුවා තිබෙනවා.

    Latest News