වී අලෙවි මණ්ඩලය හරහා යල කන්නයේ වී මිලදී ගැනීමට වැඩසටහනක්

ජූලි 16, 2020

    වගා කර ඇති භුමි ප්‍රමාණය අනුව උපරිම ලෙස එක් ගොවියෙකුගෙන් වී කිලෝ ග්‍රෑම් 5,000 ක් බැඟින් වන සේ, ප්‍රමිතියෙන් යුතු සම්බා, නාඩු සහ කීරි සම්බා යන වර්ගවල වී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 50 ක් සහ තෙතමනය සහිත වී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 42 ක සහතික මිලක් ලබා දෙමින් වී අලෙවි මණ්ඩලය හරහා වී මිල දී ගැනීමේ වැඩසටහනක් සැලසුම් කොට කර ඇත.

    ඒ අනුව, 2020 යල කන්නයේ වී අස්වනු නෙලීම ජූලි මස දෙවන සතියේ සිට ආරම්භ වීමට නියමිත වන අතර මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වී මිල දී ගැනීමේ වැඩසටහන දිස්ත්‍රික් ලේකම්/දිසාපතිවරුන්, ප්‍රදේශිය ලේකම්වරුන් සහ අනිකුත් ප්‍රාදේශීය සහ ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගිත්වය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    Latest News