පොලොන්නරුව දස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම ඇරඹේ

අගෝ 03, 2021

    පොලොන්නරුව දිස්ත්‍රික්යේ වී මිලදී ගැනීම දැන් සිදු කෙරේ. ඒ් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ.

    වී අලෙවි මණ්ඩලය මෙට්‍රික් ටොන් පනස් දහසක වී ප්‍රමාණයක් ගොවීන්ගෙන් මිලදී ගැනීමට නියමිතයි. රුපියල් කෝටි 310ක් ඊට වෙන් කර තිබේ. රජයේ සහතික මිලට අමතරව වී කිලෝවකට රුපියල් 1.50ක ප්‍රවාහන ගාස්තුවක් ගොවියාට ලබා දෙයි.

    ගොවීන්ගේ වී අස්වනු ඔිනෑම ප්‍රමාණයක් කොන්දේසියකින් තොරව මිලදී ගන්නා බවයි එම මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසන්නේ.
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම ඔහු ඊයේ නිරීක්ෂණය කළේය.

    සියයට 14ක තෙත බර අනූව වී අලෙවි කිරීමේ අවස්ථාව පවතියි. දැනටමත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී කිලෝ ලක්ෂ 10ක් මිලදී ගෙන තිබේ.

    Latest News