වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදීගැනීම අද සිට

අගෝ 17, 2022

    අද (17) සිට වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120ක මිලකටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්, කීරී සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130ක මිලකටත් මිලදී ගැනීමට නියමිත බවයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ. 

    එසේ මිලදී ගන්නා වී සහල් බවට පත්කොට PMD සහල් නමින් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. 

    Latest News