වීඩියෝ තාක්ෂණය යොදා ගනිමින් රෝහල් සායනික සේවා ආරම්භ කිරීමට පියවර නියමු ව්‍යාපෘතියක් ලෙස රිඡ්වේ ආර්යා ළමා රෝහලෙන් අද(31) ආරම්භ විය.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ වෘත්තීය සමිති නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) පවත්වන ලදි.

සියළුම ඖෂධ සැල් අවශ්‍යතාවය පරිදි ඇදිරිනීතිය පවතින කාලය තුල විවෘත කර තැබීමට අවස්ථාව සළසා දෙන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන මගීන් හැර CoVID 19 වෛරසය පැතිර ඇති අනෙකුත් රටවල සිට පැමිණෙන මගීන් දින 14ක කාලයක් නිවසේම රැඳී සිටින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

“අපි බෙහෙත් ගුහාවක් ආහාරයට ගත් ජාතියක්. විද්‍යාත්මක ඇගට ගුණ දේශීය ආහාර රටාවට ගියොත් අවුරුද්දකට ලක්ෂ 12000 ක් ඖෂධවලට වියදම් කරන්න වෙන එකක් නැහැ. ගම්බද ජනතාවගේ ලෙඩ රෝග හදුනා ගැනීමටත්, ප්‍රතිකාර සදහා යොමු කිරිමටත් පියවර ගැනීම තුල රෝග පාලනය කළ හැකියි.” යැයි සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි.

සමාජ විෂමතා හමුවේ කාන්තා, පුරුෂ, ළමා ඇතුළු හිංසන මඟ හරවා ගැනීමට ශ්‍රී ලංකාව ගන්නා පියවර ලෝක බැංකුවේ ඇගයීමට ලක්ව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැති පළමු ‌‌හෙද සමීක්ෂණ වැඩමුළුව සාර්ථකව අවසන් වේ.

මෙරට හෙද වෘත්තිකයින් බ්‍රිතාන්‍ය රාජ්‍යයේ හෙද සේවාවට ද යොමු කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත්, හෙද පර්යේෂණ මෙරට මෙන්ම ලෝකයේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් යෙදවිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා පවසයි.

හෙද නිලධාරීන් හෙද පර්යේෂණ සඳහා තව තවත් යොමු කීරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ප්‍රථමවරට පැවැත්වූ හෙද සමීක්ෂණ වැඩමුළුව (Nursing Research Symposium) ඊයේ (11) බත්තරමුල්ල වෝටර්ස් ඒ්ඡ් හිදී අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මුළු දිවයිනම ආවරණය වන පරිදි රජයේ රෝහල්වල හෙද නිලධාරීන් 36,000 ක් පමණ සේවය කරන අතර, මීට ප්‍රථම හෙද නිලධාරින් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වෙන් වූ හෙද සමීක්ෂණ වැඩමුළුවක් නොවුන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ පැවැත් වූ ප්‍රථම හෙද සමික්ෂණ වැඩමුළුව ද මෙය වේ. මුළු දිවයිනම ආවරණය වන පරිදි හෙද නිලධාරින් 550 කගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම වැඩමුළුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාගේ උපදෙස් මත හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්.බී.සී සමන්මලී මහත්මියගේ සංවිධාන දායකත්වය යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබුනි. මේ සදහා පූර්ණ තාක්ෂණික දායකත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන (පුහුණු), පර්යේෂණ ඒකකය හා කළුබෝවිල ශික්ෂණ රෝහල විසින් ලබාදෙන ලදි.

මෙම වැඩමුළුවේ දී සමාරම්භක උත්සව අවස්ථාව අමතා අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා ...

“මම දීර්ඝ කාලයක් සෞඛ්‍ය සේවාවේ සේවය කළා. මේ මගේ සේවා කාලයේ 31 වන අවුරුද්ද. එම කාලසීමාව තුල පළමු වතාවට හෙද වෘත්තියින්ගේ පර්යේෂණාත්මක වැඩමුළුවක් විදිහට ආරම්භ කරපු මේ වැඩමුළුවට මට එක්වෙන්නට හැකි වුණා. මෙම පර්යේෂණාත්මක වැඩමුළුවට ඉදිරිපත් කිරීම් 20 ක් සහ පොස්ටර් ආකාරයෙන් පර්යේෂණ ඉදිරිපත් කිරීම් 30 ක් ඉදිරිපත් කර තිබුනා. පර්යේෂණයක් කියන්නේ නව අදහස් ඇති කර ගැනීම සහ නිර්මාණය කිරීමයි. ඉන් පසු අප සෞඛ්‍ය සේවාවේ වගකීම තමයි මෙම ඉදිරිපත් කරන අදහස් ගොනු කර ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවිය හැකි වන්නේ කුමන දේවල් ද යන්න තෝරා ගත යුතුයි. අපේ සෞඛ්‍ය සේවාවේ මෙන්ම ලෝකයේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් අපි මේවා යෙදවිය යුතුයි. පර්යේෂණ එක රටකට එක කණ්ඩායමකට සීමා වූ දේවල් නොවෙයි. වෛද්‍ය වෘත්තිය, සුව කිරීමේ කලාව අවුරුදු 5000 කට වැඩි කාලයක් තිස්සේ නිර්මාණය වුයේ විවිධ ක්ෂේත්‍ර සහ විවිධ පුද්ගලයින් දායක කරගෙනයි. මේ වගේ පර්යේෂණ වැඩමුළු සංවිධානය කරන කොට පොදු අරමුණක් සදහා ගමන් කරන බැවින් අනෙක් වෘත්තිකයින්ගේ දායකත්වය ද මේ තුලට ගැබ් කර ගැනිම ඉතා වැදගත් වෙනවා. මේ සියලු දේ පොදු යහපත සදහා යොදා ගත යුතුයි. ජනතාව, රෝගීන් සමග ඇති සමීප සම්බන්ධතාවය තාක්ෂණික දියුණුවත් සමග තවත් වැඩිදියුණූ කර ගැනීමට කටයුතු කළ යුතුයි. මෙරට හෙද වෘත්තිකයින් බ්‍රිතාන්‍ය රාජ්‍යයේ හෙද සේවාව සදහා යොමු කිරීමට අදාලව ඉදිරියේ දී අවබෝධතා ගිවිසුමක් ඇති කිරිමට අප බලාපොරොත්තු වෙනවා. බ්‍රිතාන්‍ය රාජ්‍ය සමග. ඒ් සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා. ඒ සදහා රජයේ අනුග්‍රහය තිබෙනවා, සෞඛ්‍ය අමාත්‍යතුමියගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ලබාදෙනවා. එමගින් රටට ගෞරවයක් ලැබෙනවා, ආදායමක් ලැබෙනවා, වෘත්තීය ගරුත්වයක් ලැබෙනවා. ” යනුවෙන් පැවැසීය.

මෙම වැඩමුළුවේ දී හෙද නිලධාරීන්ගේ සමීක්ෂණ 50 ක් ඉදිරිපත් කර විශිෂ්ඨතාවය අනුව සම්මාන හා සහතිකපත් ප්‍රදානය කිරිම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එදිනම පස්වරුවේ සිදු කරන ලදි.

එහිදී පැවැති උත්සව සභාව අමතා අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ...

“අද දින හෙද හෙදියන් සදහාම විශේෂිත වූ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද වැඩමුළුවක් පැවැත්වුනා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් පවත්වනු ලැබූ පළමු පර්යේෂණ වැඩමුළුව හැටියට මෙම වැඩසටහන ඉතිහාසට එක්වනවා. මෙහිදී නිබන්ධන 50 ක් ඉදිරිපත් කරනු ලැබූවා. මෙය හෙද වෘත්තියේ දියුණූව සදහා සහ හෙද වෘත්තිය හරහා අපගේ සේවාලාභීන්ට ලැබෙන සේවාව ඉහළ නැංවීමට හේතුවක් වෙනවා. හෙදියන්ගේ පර්යේෂණ සම්බන්ධව සළකා බැලූ විට දැනට වසර 20 කට 30 කට ප්‍රථම හෙදියන් මේ පර්යේෂණ කටයුතු වල නියැලුනේ නැහැ. විවෘත විශ්වවිද්‍යාලයේ ආගමනයත්, පෞද්ගලික ආයතනය හෙද අධ්‍යාපනයට සම්බන්ධවීමත්, රජයේ හෙදියන්ගේ සේවා විවිධ අංශයක් කෙරෙහි යොමුවීමත්, ප්‍රතිලාභීන්ගේ හෙද අවශ්‍යතා වැඩිවීමත් සමග අද වන විට හෙදියන් සිය වෘත්තීයට අමතරව මෙවැනි පර්යේෂණ කටයුතු සදහා ද යොමු වෙලා තිබෙනවා . මෙය තව තවත් දියුණු වීම තුලින් හෙදියන්ට තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් දියුණු කරගැනීමටත්, පර්යේෂණ තත්ත්වය දියුණූ කර ගැනීමටත් හැකි වන අතර, ඒ මගින් ජනතාවට සහ රටට මෙන්ම ලෝකයට යහපත් ප්‍රතිඵල ගෙනඒ්මට කටයුතු කිරීමට හැකිවීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට අප සතුටට පත්විය යුතු කරුණක්.” බව ද පැවැසීය.

nurse-sym--01.jpg

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා, හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්.බී.සී සමන්මලී මහත්මිය ඇතුලු හෙද අධ්‍යක්ෂවරු, මෙන්ම හෙද විද්‍යාල නියෝජනය කරමින් නිලධාරීන් සහ හෙද හෙදියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගයක් පැතිර යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව ස්‍යෙඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුල සංසරණය වන ඉන්ෆ්ලූවන්සා රෝගය පිළිබඳව ව්‍යාජ ප්‍රවෘත්තිය සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද්දක් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රජාවට දන්වා සිටියි.

Latest News