ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මූලික අවශ්‍යතා වෙනුවෙන් සහයෝගය ලබා දීමටත්, ඒ වෙනුවෙන් පෙනී සිටීමටත් “මික්ටා” සංවිධානයේ රටවල් එකගතාව පළ කර තිබෙනවා.

මෙරට දරුවන් සම්බන්ධයෙන් ළමා මන්දපෝෂණය පිළිබඳව “යුනිසෙෆ්” සංවිධානය කළ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි.

කොවිඩ් ආසාදිතව එකම පවුලේ තිදෙනෙකු මිය යාම පිළිබද විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමිය උපදෙස් දෙයි.

COVID - 19 තෙවන රැල්ලත් සමඟ සීඝ්‍රයෙන් පැතිර යන ප්‍රභේද රට තුළ ව්‍යාප්තිය හේතුවෙන් රෝගීන් ප්‍රමාණයේ වර්ධනයක් සහ රෝගීන් යොමු කරන රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල දැඩි තදබදයක් නිර්මාණය වී ඇත.

කොවිඩ්-19 පරීක්ෂණ පිළිබද තොරතුරු කඩිනමින් නිවැරදිව රැස් කිරීමටත්, සාම්පල වාර්තා ක්ෂණිකව සාම්පල ලබාදුන් පිරිසට සහ වගකිවයුතු සෞඛ්‍ය නිලධාරීන් වෙත ලබා දී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක “සුපරික්ෂා” නමින් නව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් හදුන්වා දී ඇත.

නත්තල් සහ උත්සව කාලසීමාවේ දී මහජනතාව විසින් අවධානයට ලක් විය යුතු කරුණු කීපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිවේදනය කර තිබේ.

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හි තනතුරු 12 ක් සඳහා පුහුණුවට අභ්‍යාසලාභීන් දහසක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.මෙම තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ online ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය 2020.10.29 දින සිට පහසුකම් සලසා ඇත.

මෙම තනතුරු සඳහා අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය 2020.11.30 දින වන අතර අයදුම්පත් ඉදිරිපත් කිරීමේද යම් ගැටලුවක් ඇති වුවහොත් සතියේ වැඩ කරන දින වල පෙ.ව.9.00 – ප.ව.4.00 දක්වා වූ කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමණාකරණ හා සම්බන්ධීකරණ ඒකකයේ ක්ෂණික දුරකථන අංක 0112-340007 අමතා අවශ්‍ය උපදෙස් ලබාගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.

04.11.2020-.jpg

 

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ජාත්‍යන්තර සංවිධාන සිය ප්‍රසාදය පළ කරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්ම්ය විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට නවීනතම ජංගම ස්වසන ආධාරක යන්ත්‍ර (Portable ventilators) 200 ක් පරිත්‍යාග කිරීමේ උත්සව අවස්ථාව අද දින (02) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් (Ms.AlainaTeplits) මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Latest News