කාන්තා, පුරුෂ, ළමා හිංසන මඟ හැරීමට, ශ්‍රී ලංකාව ගන්නා පියවර ලෝක බැංකුවේ ඇගයීමට

පෙබ 17, 2020

    සමාජ විෂමතා හමුවේ කාන්තා, පුරුෂ, ළමා ඇතුළු හිංසන මඟ හරවා ගැනීමට ශ්‍රී ලංකාව ගන්නා පියවර ලෝක බැංකුවේ ඇගයීමට ලක්ව තිබේ.

    ලෝක බැංකු සමූහයේ ස්ත්‍රී-පුරුෂ සමාජවාදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ කැරන්‌ ග්‍රවුන්‌ මහත්මිය, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හමුවූ අවස්ථාවේදී ‍මේ බව ප්‍රකාශ කර ඇත. මෙහි අරමුණ වුයේ ‍මෙරට ක්‍රියාත්මක කාන්තා, පුරුෂ, ළමා කායික හා මානසික හිංසන වළක්වා ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙළ දැනුවත්‌ කිරීමයි.

    දැනට ක්‍රියාත්මක වැඩසටහන්‌ හා විසඳුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ. හිංසන සිදු කරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කරන ශ්‍රී ලංකා පොලිසිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, පරිවාස දෙපාර්තමේන්තුව, ළමා රක්‍ෂක අධිකාරිය වැනි ආයතනවලට සැපයෙන පහසුකම්‌ පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    Latest News