සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස භද්‍රානි ජයවර්ධන මහත්මිය රාජකාරී කටයුතු අරඹයි.

ඩෙංගු රෝගය පාලනය කිරිම සඳහා ගතයුතු කඩිනම් වැඩපිළිවෙල හා ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

තරුණයින් අතර දුම්කොළ හා මධ්‍යසාර භාවිතය අවම කිරිම සඳහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් පවසයි.

පසුගිය දිනවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ප්‍රශ්ණයක් වූ පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් සඳහා මහරගම අපේක්ෂා රෝහලට අත්‍යාවශ්‍යව තිබූ ඖෂධ 24 ක් මිල දී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙරට දෙවන විශාලතම වෛද්‍ය මධ්‍යස්ථානය වන මහනුවර ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල වශයෙන් සිය සේවාව පුළුල් කරනු ලබයි.

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නව අධ්‍යයන කේන්ද්‍ර ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (21) පෙරවරුවේ විවෘත කෙරිණි.

නව යොවුන් හා යොවුන් සෞඛ්‍ය පිළිබඳ ක්‍රමෝපායන් සැලැස්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ එළි දක්වනු ලැබීය. 2018 සිට 2025 දක්වා ක්‍රියාත්මක මෙම සැලැස්ම "සුවපත් රටක් - සවිමත් හෙටක්" තේමාවෙන් ක්‍රියාත්මකයි.

අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමෙන් පසු සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 278 කට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් පත්වීම් අද (04) ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණූ කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 60 ක මුදලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත.

දරුවන්ගේ පොෂණය වර්ධනය කිරීමට ත්‍රිපෝෂ අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News