විඩියෝ තාක්ෂණය යොදා ගනිමින් රෝහල් සායනික සේවා (වීඩියෝ)

මාර් 31, 2020
  • වීඩියෝ තාක්ෂණය යොදා ගනිමින් රෝහල් සායනික සේවා ආරම්භ කිරීමට පියවර නියමු ව්‍යාපෘතියක් ලෙස රිඡ්වේ ආර්යා ළමා රෝහලෙන් අද(31) ආරම්භ විය.

    කොරෝනා වසංගතය හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශවලට සෞඛ්‍ය සේවා ලබාගැනීම සදහා පැමිණෙන රෝගීන්ට තම නිවසේ සිට වෛද්‍යවරයාගෙන් ලබාගත යුතු වෛද්‍ය උපදෙස් ලබාගැනීමට මෙම ක්‍රමවේදය තුලින් හැකියාව ලැබේ. මෙහිදී වෛද්‍යවරයා හා රෝගියා අතර ජංගම දුරකථන මාර්ගයෙන් එම වෛද්‍ය සේවාව ක්‍රියාත්මක කිරීම‌ට කටයුතු සිදු කෙරෙමින් පවති.

    එම නවීන තාක්ෂණික ක්‍රමවේදය නිරීක්ෂණය කිරීම සදහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලට පැමිණියාය. රෝහලේ ළමා ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා විසින් මේ පිළිබදව අමාත්‍යවරිය දැනුවත් කරමින් මෙහි ප්‍රථම නියාමක ව්‍යාපෘතිය රෝහලේ ස්නායු රෝග සායනයේ දී ක්‍රියාත්මක කරන ලදි. එහිදි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඉහත වීඩියෝ තාක්ෂණය ඔස්සේ ළමා රෝගියෙකු පරීක්ෂාවට ලක්කෙරිනි.

    මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය ඉදිරියේ දී අනෙකුත් වි‌ශේෂිත රෝහල් තුල ක්‍රියාත්මක කිරීම නියමිතය. මේ සදහා oDoc app ජංගම දුරකථනකයට භාගත කිරීමෙන් සෑම රෝගියෙකුටම මෙම සේවාව ලබාගැනීමට හැකිවනු ඇත.

    මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීම ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු ඒකකය හරහා සිදු කිරීමට නියමිතය. මීට අමතරව 0770773333 දුරකථන අංකය ඔස්සේ සහ අන්තර්ජාලයේ oDoc.life ලෙස සටහන් කොට පරිශිලනය කිරීමෙන් ද තොරතුරු ලබාගත හැකිය.

    එම නවීන තාක්ෂණික ක්‍රමවේදය නිරීක්ෂණය කිරීම සදහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (31) බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලට පැමිණි අතර රෝහලේ ළමා ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා විසින් මේ පිළිබදව අමාත්‍යවරිය දැනුවත් කරමින් මෙහි ප්‍රථම නියාමක ව්‍යාපෘතිය රෝහලේ ස්නායු රෝග සායනයේ දී ක්‍රියාත්මක කරන ලදි. එහිදි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඉහත වීඩියෝ තාක්ෂණය ඔස්සේ ළමා රෝගියෙකු පරීක්ෂාවට ලක්කෙරිනි.

    මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය ඉදිරියේ දී අනෙකුත් වි‌ශේෂිත රෝහල් තුල ක්‍රියාත්මක කිරීම නියමිතය. මේ සදහා oDoc app ජංගම දුරකථනකයට භාගත කිරීමෙන් සෑම රෝගියෙකුටම මෙම සේවාව ලබාගැනීමට හැකිවනු ඇත.

    මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීම ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු ඒකකය හරහා සිදු කිරීමට නියමිත අතර, මීට අමතරව 0770773333 දුරකථන අංකය ඔස්සේ සහ අන්තර්ජාලයේ oDoc.life ලෙස සටහන් කොට පරිශිලනය කිරීමෙන් ද තොරතුරු ලබාගත හැක.

    මෙම අවස්ථාවට රිඡ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී.විඡේසුරිය මහතා, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ඇතුලු වෛද්‍යවරු පිරිසක් එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 31 මාර්තු 2020 20:26

    Latest News