විදේශයන්හි සිට පැමිණෙන්නන්ට දින 14ක් නිවෙස්වල රැඳී සිටින්න; හැකිතාක් විදෙස් ගමන් අවම කරන්න

මාර් 09, 2020

    ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන මගීන් හැර CoVID 19 වෛරසය පැතිර ඇති අනෙකුත් රටවල සිට පැමිණෙන මගීන් දින 14ක කාලයක් නිවසේම රැඳී සිටින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

    දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල හෙට (10) උදෑසන දකුණූ කොරියාවේ සිට පැමිණෙන ගුවන් යානයේ පිරිසෙන් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ අද (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    එමෙන්ම හැකිතාක් විදේශ සංචාර අවම කරන්නැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

    Latest News